විදුහල්පති පණිවිඩය
දෙයියන්දර ජාතික පාසල

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන කලාපයට අයත් මාර/දෙයියන්දර ජාතික පාසල 1 AB (Super) කාණ්ඩායට ඇතුලත් පාසලකි දැනට පාසලේ විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ, කලා 13 වසරක අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මකද වේ. අ.පො.ස.(සා.පෙළ) සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යය පන්ති වර්තමානය වන විට පවතී. ශිෂ්‍ය සංඛ්‍යාව 2000 කට වැඩිවන අතර ගුරු සංඛ්‍යාව 110 ක් හා 20 ක පමණ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් මානව සම්පත් ලෙස ක්‍රියාත්මක වේ.
2019 වර්ෂය වන විට අප විද්‍යාලය විෂයය හා විෂයය බාහිර ජයග්‍රහන වලින් මුලටියන කලාපයේ ප්‍රමයා වීමට හැකියාව ලැබී ඇත. සමස්ථ ලංකා ජයග්‍රන රාශියක් හිමිකර ගෙන ඇත. මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය, මාර/සීනිපැල්ල කණිෂ්ඨ විද්‍යාලය, මාර/මාරමණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලය, මාර/කැටියපේ කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් පෝෂිත පාසල් ලෙස ක්‍රියාත්මකය. මුලටියන කොට්ඨාසයේ පාසල් 30 කට අයත් මව් පාසල ලෙස වර්තමානය වන විට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. පාසලේ අනාගත ජයග්‍රන වෙනුවෙන් භෞතික හා මානව සමුපත් වර්ධනය කර ගත යුතු අතර විෂය හා විෂය සමගාමී ප්‍රතිඵල ඉහල නංවා පරසිර හිතකාමී දීප්තිමත් පාසලක් බවට විදුහල ගෙනයාම අනාගත අභිප්‍රාය වේ.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
දෙයියන්දර ජාතික පාසල