දෙයියන්දර කීර්තිය ලොව දස දෙස පතුරවමින් නව විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයේ ගෝලීයකරණයට අනුගත වෙමින් අභිමානවත්වු සාඩම්බරවුත් දීර්ඝ ගමණක තවත් සන්ධිස්ථානයකට විදුහල් මාතාව ප්‍රවිශ්ඨ වන්නීය. සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත.
වර්ෂ 1884 අප්‍රේල් 20 වැනි දින මාදංගහයට පාසල සිසුන් හතර දෙනේකුගෙන් හා එක් ගුරුවරයකුගෙන් ආරම්භවුයේ දොන් හෙන්රික් සැමුවෙල් සමරසිංහ මැතිතුමායගේ ප්‍රධානත්වයෙනි. පාසල ඉදිකිරීමට අක්කරයක් පමණ භූමිය පරිත්‍යාග කර ඇත්තේ තියදෝරිස් වීරබද්ධන හාමු මහතාය.
ක්‍රිස්තියානි මිෂනාරි පාසලක් ලෙස අරම්භවු මෙම විදුහල පසුකාලයේ ඇතිවු බෞද්ධ පුනර්ජිවයත් සමඟ 1886 දී බෞද්ධ මිශ්‍ර පාසලක් බවට පත් පත්විය. 1949 දී Junior පාසලක්වු මෙම විදුහල 1956 දි Senior පාසලක් බවටත් 1958 දී මහා විද්‍යාලක් බවටත්, 1984 දී මධ්‍ය මහා විද්‍යාලයක් බවටත්, 2004 වර්ෂයේදි ජාතික පාසලක් බවටත් පත්විය.
කටුමැටිගැසු කුඩා පන්ති කාමරයකින් ඇරඹි මෙම පාසල අදවන විට අක්කර 14ක භුමි ප්‍රෙද්ශයක් පුරා පැතිරැන ගොඩනැගිලි 20කින් හා ක්‍රීඩා පිටි දෙකකින් සමන්විත සිසුන් 2000 කට වැඩි ප්‍රමාණයක් හා ගුරුවරුන් 110ක් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය විසි දෙනෙකු පමණ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක වන දකුණු පළාතේ ජනප්‍රිය පාසලකි.
|
ආරම්භ කළ වර්ෂය |
1884 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
|
මුල් ගුරුතුමාගේ නම |
දොන් හෙන්රික් සැමුවෙල් සමරසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාදංගසයට පාසල |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|
{QF3=5}
