පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිගේ පණිවිඩය
වසර 140ක ඉතිහාසයකට උරුමකම් ඇති මාර / දෙයියන්දර ජාතික පාසල මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජාතික පාසල් වලින් එකකි.
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 2000 කට අධිකය.
ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කලා , වාණිජ හා තාක්ෂණ විෂය ධාරා 5 ම ක්‍රියාත්මක වන මෙම පාසලේ 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන විෂය ද ක්‍රියාත්මක කෙරේ.
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්වීභාෂා මාධ්‍ය පංති ඇත. මෙම විද්‍යාලයේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියක් ඇත. එමගින් ලබා ඇති ජයග්‍රහණ බොහෝ ඇත.
ඉහළ ආකල්ප කුසලතා මෙන්ම නව සියවසට ගැළපෙන අභියෝග ජයගත හැකි නිපුණතාවලින් පරිපූර්ණ පෞරුෂයක් සහිත පුරවැසි පුරවැසියෙකු බිහි කිරීම අපගේ අරමුණ වී ඇත.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති
අධ්‍යාපන පරිපාලන
දෙයියන්දර ජාතික පාසල